අමෝඝවර්ෂ III

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.ව.10 ශතවර්ෂය) දෙවන අමෝඝවර්ෂ මරා රජ පැමිණි සිව්වන ගෝවින්ද රජ රාජ්‍යයේ කටයුතු ගැන නොසලකා හැර දුශ්චරිතයෙහි ගැලී සුඛෝපභෝගී ජිවිතයක් ගත කළේය. ඔහුගේ පාලනය ද මහජනයාට අහිතකර විය. එබැවින් ඔහුගේ ම අමාත්‍ය මණ්ඩලය සහ ප්‍රාදේශික පාලකයෝ ද රාෂ්ට්‍රකූට රාජ්‍යයේ පැවැත්ම සඳහා ඔහු සිංහාසනයෙන් පහ කිරීමට කටයුතු යෙදූහ. ඔහුගෙන් හිස්වන රජකම පිළිගැනීමට ඔහුගේ ම පියාගේ සොහොවුරකු වූ අමෝඝවර්ෂ කුමරුට ආරාධනයක් ලැබිණ. අමෝඝවර්ෂ තම චේදිවංශික ඥාතීන්ගේ සහාය ද ඇතිව මාන්‍යඛේට පුරය ආක්‍රමණය කොට එය පහසුවෙන් ම යටත් කොටගෙන (ක්‍රි.ව.936 දී පමණ) රජකම ද ලබාගත්තේය.

මොහු රජකමට පැමිණෙන විට අවුරුදු 50ක් පමණ වූ වෘද්ධයෙකි. ආගමික භක්තියෙන් යුක්ත වූවකු වුවත් මොහු රාජ්‍ය පාලනයේ එතරම් දක්ෂයෙක් නොවීය. එමෙන් ම ඒ ගැන සැලකිල්ලක් ද නොදැක්විය. එබැවින් ඔහුගේ කෙටි රාජ්‍ය කාලය වූ තුන්හවුරුද්ද මුළුල්ලේ ම රාජ්‍ය පාලනය සම්පුර්ණයෙන් ම කෙරුණේ ඔහුගේ පුත්‍රයාගේ මාර්ගයෙනි.

පොත් පත්:

Altekar, - A. B. - Rastrakutas and their Times

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමෝඝවර්ෂ_III&oldid=2232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි