අයිගුන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Aigun; හේලුංකියෑංචුං). චීනයේ අමූර් ගඟේ දකුණු ඉවුරෙහි පිහිටි ගංතොටකි. චීන-රුසියා දේශසීමාව නිශ්චය කරගැන්ම සඳහා ඇතිකරගන්නා ලද ගිවිසුම් අතර අයිගූන් ගිවිසුම (1855) ද එකකි. මැන්චූරියාවේ ගංරන් සෙවීම කරගෙන ගිය කාලයේ දී මේ නගරය ඒ සම්බන්ධ වැදගත් මධ්‍යස්ථානයක් විය. 1905 දී පටන් මොංගෝලියාවෙන් ගවයන් සහ ගවමස් ද, මැන්චූරියාවෙන් ධාන්‍ය සහ පිටි ද පිටරට යැවීම කරණ කොටගෙන මෙය ප්‍රධාන වරායක් බවට පත්විය. එහෙත් හේහෝ නගරය නැව් තොටක් වශයෙන් දියුණු වූ පසු අයිගූන් වරායෙහි වෙළඳාම අඩුවිය. 1958 දී මෙහි ජනගහනය 38,112 ක් විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිගුන්&oldid=2309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි