අයුබ්ඛාන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1855–1914). ඇfෆ්ඝන් කුමාරයෙකි. කලක් ඇfෆ්ඝනිස්ථානයේ අමීර් පදවිය දැරූ ශේර් අලිගේ කනිෂ්ඨ පුත්‍රයාය. අමීර් අබ්දුර් රහමන්ගේ ඥාති සොහොයුරෙකි. ඉංග්‍රීසීන් විසින් කාබුල් ප්‍රදේශයෙන් පන්නා දමනු ලැබූ ශේර් අලි 1879 ජනවාරි මාසයේ දී මිය යෑමෙන් පසු අයුබ්බාන් හේරාත් ප්‍රදේශය අල්ලා ගත්තේ ය. මේ ප්‍රදේශයේ තම බලය තහවුරු කරගත් මෙතෙම කන්දහාර් ප්‍රදේශය නතු කර ගැනීම සඳහාත්, තම පියා ඉංග්‍රීසීන් විසින් කාබුල් ප්‍රදේශයෙන් පන්නා දමනු ලැබීම නිසා අහිමි වී ගිය ඇfප්සන් ප්‍රදේශයේ ආධිපත්‍යය නැවත ලබාගැනීම සඳහාත් එකල ඉංග්‍රීසීන් සතුව පැවති ඇfෆ්ඝනිස්ථානය 1880 දී ආක්‍රමණය කෙළේය. මේ සටනින් මොහුට මුල දී විශිෂ්ට ජයක් ලැබුණු නමුත් අන්තිමේ දී එයින් පැරද පෙරළා හේරාත් ප්‍රදේශයට පලායන්නට සිදුවිය. 1881 දී ඇfෆ්ඝනිස්ථානය සඳහා කරන ලද දෙවන සටනින් ද මුල දී මොහුට ජය ලැබුණු නමුත් අවසානයේ දී අබ්දුර් රහමන් අතින් පරාජය ලැබීම නිසා හේරාත් ප්‍රදේශයට ද අහිමි වී ආරක්ෂාව සොයා පර්සියාවට යන්නට සිදුවිය.

1887 දී පමණ ඇfෆ්ඝනිස්ථානයේ අභ්‍යන්තර වියවුල් ඇතිවූයෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මොහු තමාගේ බලය නැවත පිහිටුවා ගැනීමේ අදහසින් ඇfෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමට තවත් වරක් උත්සාහ කළ නමුත් එය ද සාර්ථක නොවී ය. එහි ප්‍රතිඵලය වූයේ අයුබ්බාන් බ්‍රිතාන්‍ය හිරකරුවකු බවට පත්වීමය. දේශපාලන හිරකරුවකු වශයෙන් බ්‍රිතාන්‍යයින් විසින් ඉන්දියාවට යවනු ලැබූ මෙතෙම 1914 අප්‍රේල් මස 6 වන දා ලාහෝර්හි දී මිය ගියේ ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයුබ්ඛාන්&oldid=3013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි