අරක්නිඩා
මොවුන්ට ඇත්තේ යුවළ වශයෙන් පිහිටි සරල ඇස් පමණකි. ඇස් යුවළ 1 ට ද 6 ට ද අතර ගණනක් තිබීමට පිළිවන. ඝන ද්‍රව්‍ය නොකා ද්‍රව උරා බීමෙන් ම ජිවත් වන මොවුන්ගේ මුඛ අවයව ද ජිරණ මාර්ගය ද චූෂණය (sucking) පිණිස සෑදී තිබේ. ශ්වසනය සිදු වන්නේ පත්‍ර පෙණහැලි (book-lungs) හෝ පත්‍රජලක්ලෝම (book-gills) හෝ ශ්වාස නාල හෝ මඟිනි. ප්‍රජනක විවරය උදරයෙහි ඉදිරි කෙළවරෙහි පිහිටා ඇත. අරක්නිඩ වන්ගේ පැටවු සාමාන්‍යයෙන් බිත්තරවලින් කෙළින් ම හෝ කීට (larval) අවස්ථාවක් පසු කරගෙන හෝ ඇතිවෙති. එහෙත් ගෝනුස්සෝ පැටවුන් වදති. අරක්නිඩ වන්ගේ සමහර විශේෂ සංකීර්ණ පෙම් රැඟුම් පාති.
අරක්නිඩාවන්ගේ වර්ගීකරණය ලුහුඬින් මෙසේය:
සිෆොසුරා (Xiphosura) වර්ගය. සමුද්‍රවාසීය.අර්ධචක්‍රාකාර උඩු කබලකින් ශරීරය වැසී තිබේ.මධ්‍යකායයෙහි උපාංග හයක් ද පත්‍ර ජලක්ලෝම ද තිබේ. නි.රජ මකුළුවා (බ.)
ස්කෝර්පියොනිඩයා (Scorpionidea) වර්ගය. මහත් වු පුර්ව උදරයකින් ද විතක් සහිත සිහින් පශ්චාත් - උදරයකින් ද සමන්විතය. නි. ගෝනුස්සා
පෙධිපල්පිඩා (Pedipalpida) වර්ගය. පළමු වැනි පා යුවළ සිහින්ය, ස්පර්ශක වැනිය.
සොලිපුගිඩා (Solifugida) වර්ගය. ශීර්ෂයත් උරසත් එකට පෑස්සී නැත.
කෙලොනෙතිඩා (Chelonethida) වර්ගය. ඉතා කුඩා ගෝනුස්සන් වැනිය. පශ්චාත් - උදරයක් නැත. නි. බොරු ගෝනුස්සා (Pseudos00r- pionidea). (බ.)
පලන්ගිඩා (Phalangida) වර්ගය. උදරය සලාක සහිතය. එය උරසට සම්බන්ධ වන තැන පළල්ය.
අරනෙයිඩා (Araneida) වර්ගය. උදරය සලාක රහිතය. එය උරසට සම්බන්ධ වන තැන සිහින්ය. නි. මකුළුවා (බ.)
අකරිනා (Acarina) වර්ගය. ශරීරය කුඩාය. එහි කිසි ම බෙදීමක් පැහැදිලි නැත. නි. කිනි තුල්ලා (කිනිතුල්ලන් සහ කිඩෑවෝ බ)
යුරිප්ටෙරිඩා (Euripterida) වර්ගය. ගෝනුස්සන් වැනි නෂ්ට ජලජ අරක්නිඩාවෝ.
පන්ටොපොඩා (Pantopoda) වර්ගය. අල්ගේ පැළෑටි අතර වෙසෙන මුහුදු අරක්නිඩාවෝ.