අරත්ත
මේ ශාකය ලංකාව, ඉන්දියාව හා මලයා දූපත් යනාදි ප්‍රදේශවල දක්නට ලැබේ.
හීන් අරත්ත සින්ගිබෙරාසේ කුලයට අයත් ශාකයකි.
ආයුර්වේද මතය: රාස්නා හෙවත් අරත්ත දෙවර්ගයකි. එයින් බහුල වශයෙන් ඖෂධ යෝගවලට ගනු ලබන්නේ හීන් අරත්තය. අරත්ත පවුලට ම අයත් කළුවා ගසත් අරත්ත ගසට සමානය. මහ අරත්ත යයි කියනුයේ ඒවාට යයි ද මතයක් පවතී. සර්ප විෂනාශනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. නාගයන් සමඟ පොරටවන් නකුලයා හෙවත් මුගටියා අරත්ත ගස සපන බව කියති. නකුලයා ගේ ආරක්ෂාව සලසන බැවින් අරත්ත ගසට නාකුලී යයි කියනු ලැබේ යයි මතයකි. අරත්ත අලය සුවඳින් යුක්තයි. ගැමියෝ බුලත්විටට ද. අරත්ත අරත්ත අල කෑල්ලක් මුසු කරති. මේවා චක්ෂු රෝග පිළිබඳ පිලිස්සීම්වලට ද ගනු ලැබේ.
අරත්ත වායුනාශකයි. පක්ෂාඝාත රෝගයට අරත්ත මිශ්‍ර යෝග බහුලයි. වාතරක්තයට හා ආමවාතයටත් ඖෂධයකි. අරත්ත අල කටුකය. බඩගින්න ඇති කරයි. කටහඬ ද වඩා යහපත් බවට පමුණුවයි. අලයෙන් සාදා ගන්නා කෂාය උණ වාතය හා පීනස් යනාදී රෝගවල දී පාවිච්චි කරනු ලැබේ. රාස්නා සප්තකය, රාස්නා පංචකය, මහාරාස්නා කෂාය, රාස්නාදි තෛලය ආදි ඖෂධ යෝගයන්හි ප්‍රධාන වශයෙන් අරත්ත යොදනු ලැබේ.