අරරත්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
2-25-1.jpg
ඉරානය, තුර්කිය ආමීනියා මායිමෙහි පිහිටි යමහලකි (ගිනි කන්දකි). එහි මහ අරරත් (අඩි 16,916) සහ කුඩා අරරත් (අඩි 12,810) යන ශිඛර දෙක එකිනෙකට සැතපුම් හතක් ඈතින් පිහිටා තිබේ. වෘක්ෂලතාදිය දුර්ලභ වූ මහ අරරත් ශිඛරය අවුරුද්ද මුළුල්ලහෙි ම හිමෙන් වැසී පවතී. බයිබලයේ සඳහන් වන නෝවගේ නැව මහ ජලගැල්ම බැස ගිය පසු රැඳුණේ අරරත් කන්දේ යැ යි විශ්වාස කරනු ලැබේ. අවසන් වරට 1840 දී පිපිරුමක් ඇති වූ මේ යමහල මුදුනට පළමු වරට (1829) නැංගේ ජර්මන් ජාතික යාකොප් ෆොන් පාරොට් නමැත්තාය.

අරරත් යන්න ක්‍රි.පූ. 9 වන ශත වර්ෂයේ සිට ක්‍රි.පූ. 7 වන ශත වර්ෂය දක්වා පැවති උරාර්තු (බ.) නම් වූ කැල්ඩියන් රාජ්‍යයට හේබ්‍රෙව් භාෂාවෙන් ව්‍යවහාර වූ වචනය ද වේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරරත්&oldid=3900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි