අල්බා ලොංගා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉතාලියේ ලේෂියම් කෝරළයෙහි ආල්බානෝ විල අසල පිහිටි පුරාණ නගරයකි. ජනප්‍රවාදයට අනුව ක්‍රි.පූ. 1100ටත් පෙර ඊනියස්ගේ පුත්‍ර ඇස්කානියස් විසින් ඉදිකරන ලද මෙය රෝමය ගොඩ නැඟූ රොමියුලස්ගේ ද ඔහුගේ සොහොයුරු රීමස්ගේ ද මව්බිමය. රෝමයේ ටලස් හොස්ටිලියස් රජු මේ නගරය විනාශ කළ බව (ක්‍රි.පූ. 665) ද පැවසේ. මේ ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති සෙල්ලිපි හා පුරාණ සොහොන් බිමකින් ලත් පුරාවස්තු අනුව අල්බා ටොංගා පශ්චාත්කාලීන නගරයක ස්වරූපයෙන් නොව වඩා නොදියුණු සමාජ මධ්‍යස්ථානයක් වශයෙන් සැලකිය යුතු බව පෙනේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්බා_ලොංගා&oldid=6049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි