අල් ඊසාක්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(?−910). අරාබි වෛද්‍යවරයෙකි; දාර්ශනිකයෙකි. දර්ශනය සහ ගණිත විද්‍යාව පිළිබඳ ග්‍රීක කෘති අරාබි බසට පරිවර්තනය කොට අල්-මුතාමිද් සහ අල්-මුතාදීද් ය කාලිප්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් හෙතෙම කාසිම් බින් උබෙයිද් අල්ලා යටතේ අගමැති ධුරය ද දැරීය. රේඛා ගණිතය පිළිබඳ යුක්ලීඩ්ගේ 'මූලධර්ම' සහ 'නිර්දිෂ්ට' යන ග්‍රන්ථ දෙක ද ගෝලය සහ සිලින්ඩරය පිළිබඳව ආකිමීඩිස් විසින් ලියන ලද ග්‍රන්ථ ද මෙනලේයස්ගේ 'ස්පෙරිකා' නමැති කෘතිය ද ප්ලේටෝගේ 'සොපිටීස්' නමැති ග්‍රන්ථය ද ඇරිස්ටෝටල් ගේ 'කැටිගරිස්', 'ටොපිකා', 'හ’මෙනියු ටිකා' සහ 'රෙටොරිකා' යන කෘති ඔහු විසින් ග්‍රීක් භාෂාවෙන් අරාබි භාෂාවට පරිවර්තනය කරන ලද ග්‍රන්ථවලින් සමහරකි.

මෙයින් ඇතැම් පරිවර්තන කරන ලද්දේ ඔහුගේ පියා විසිනැයි ද කියති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්_ඊසාක්&oldid=5593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි