අලාටාවු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ කසාක් සහ කිර්ඝිස් සමූහාණ්ඩු ප්‍රදේශවල ද මහජන චීනයෙහි සිංකියෑං ප්‍රදේශයෙහි ද ඇති තියන් ෂාන් කඳුවැටියට අයත් උස් කඳුපන්තියකි. ටෙර්ස්කේ, කුංගේ-ට්‍රාන්ස් ඊලි, ඇලෙක්සැන්ඩර් සහ සුංගේරියානු අලාටාවු යන වැටිවලින් මේ කඳුපන්තිය සමන්විතය. මේ සියල්ල ම පාහේ ඉසික් විල වටා පිහිටා තිබේ. පළමු කඳුවැටි තුනෙහි සාමාන්‍ය උස අඩි 6,000–7,000ක් පමණ වෙයි. මෙහි ටල්ගාර් ශිඛරය අඩි 14,990ක් උසය. උතුරෙන් පිහිටි සුංගේරියානු වැටියේ සාමාන්‍ය උස අඩි 6,250ක් වුව ද අඩි 11,000ක් උස් වූ ශිඛරයක් ද එහි වෙයි. වැඩි වශයෙන් ග්රැනිට් පාෂාණවලින් යුත් මුළු අලාටාවු කඳු පන්තියෙහි ඉතාම උස් ශිඛරය මුහුදු මට්ටමෙන් අඩි 22,800ක් පමණ උස ඛාන්ටෙග්‍රීය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලාටාවු&oldid=6352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි