අලි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(602?-661). මොහු සිව්වැනි මුස්ලිම් කාලිප්වරයාය. මහමත්තුමාගේ ඥාති සහෝදරයකු වූ මෙතෙම එතුමාගේ පැටිමා (පාතිමා) නම් දියණිය සරණ කරගත්තේය.

මහමත්තුමා දෙසූ ඉස්ලාම් ධර්මය මුලින් ම පිළිගත්තේ අලි යයි සලකනු ලැබේ. ඔහුගේ ඉමහත් භක්තිය ද මහමත්තුමා සමග තිබූ සම්බන්ධය ද නිසා ඔහු එතුමාගේ ඇවෑමෙන් ඉස්ලාමික නායකයා වීමේ බලාපොරොත්තුවෙන් විසීය.එහෙත් අබුබක්ර් (බ.) එම පදවියට පත්කරනු ලැබීම නිසා ඔහුගේ බලාපොරොත්තු තාවකාලිකව සුන් වී ගියේය.

656 දී තෙවැනි කාලිප්වරයා වූ ඔත්මන් සාහසිකයකු අතින් මැරුම් කෑමෙන් පසු අලි කාලිප් පදවිය ලබාගත්තේය.

ඉස්ලාම් ධර්මය සුන්නි හා ෂීයා යන නිකාය වශයෙන් බෙදුණේ අලිගේ කාලයේ දීය. අලි හා ඔහුගේ පුත්‍ර හුසේන් ෂීයා නිකායේ ප්‍රධාන සාන්තුවරයෝ වූහ.

ක්‍රි.ව. 661 දී අන්තවාදී ඉස්ලාමිකයන් විසින් අලි ජීවිතක්ෂයට පත්කරනු ලැබීය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලි&oldid=4599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි