අවර
වැල් අවරවල ජන්මභූමිය නිවර්තන ඇමෙරිකාවය. එය ලංකාවේ වවනු ලැබේ. මලයාව හා පිලිප්පයින් ප්‍රදේශවලත් එය හමුවේ. මේ ශාකයේ රළු ඵල ළපටි අවස්ථාවේදී උයා කෑමට ගනු ලැබේ.
වල් අවර (C. ensiformis DS) හා මූදු අවර (C. obtusifolia) යයි තවත් අවර විශේෂ දෙකක් වේ. වල් අවර බහු වාර්ෂික විශාල අකාෂ්ඨ (herbaceous) වැලකි. මෙහි කරල් වැල් අවර කරල්වලට වඩා කොට ය. එහෙත් වඩා පළල්ය. ළපටි ඵල කෑමට ගනු ලැබේ. මේවායේ යකඩ හා කැල්සියම් සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ. මෙය ලංකාවේ වියළි ප්‍රදේශයේ බහුල වල් ශාකයකි. සමහරවිට එය වවනු ලැබේ.
මූදු අවර වැලි සහිත මුහුදුබඩ ප්‍රදේශවල බහුලය. මේ ශාකයේ කඳ බිම දිගේ විහිදෙයි. අඟල් 4ක් පමණ දිග කරලෙහි දික් වූ නටුවක් තිබේ. සමහර විට අවර ඇට තම්බා කෑමට ගනු ලැබේ. අවර වනාහි ලෙගුමිනෝසේ (බ.) කුලයෙහි පපිලියොනාසේ උපකුලයට අයත් ශාකයකි.
ආයුර්වේද මතය
අවර ශීතලය; දිරවීමේ දී ගුරුය; ශක්ති ජනකය; අග්නි වඩයි; දාහය නැති කරයි; පිත්රෝග හා ව්‍රණ සුවකරයි.
(සංස්කරණය: 1965)