අව්ලු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Oulu; ඌලෙයෝබෝරි). ෆින්ලන්තයේ බොත්නියා බොක්කෙහි ඊශාන වෙරළෙහි පිහිටි අව්ලු නම් පළාතෙහි අව්ලු නම් විල තුළින් ගලන අව්ලු නම් ගඟේ මෝයෙහි උත්තර අක්ෂාංශ 65º හා නැගෙනහිර දේශාංශ 25º 29´ ආශ්‍රිතව පිහිටි නගරයකි. අවට ප්‍රදේශය ඝන කැළෑවෙන් වැසී පවතී. තොටමුණු නගරයක් වශයෙන් 1605 දී පමණ ආරම්භ වූ මේ නගරය දැව හා තාර පිටරට යැවූ වරායක් වශයෙන් දියුණු විය. පදම් කළ සම් ද, පිටි, මාළු සහ කඩදාසි පිටරට යන ද්‍රව්‍යයි. ගල් අඟුරු, යකට සහ ලුණු පිටරටින් ගෙන්වන ද්‍රව්‍යයි. කිරි ආහාර නිපදවීම, නැව් සෑදීම, ලී ඉරීම සහ කඩදාසි සෑදීම ප්‍රධාන කර්මාන්තයි. සැතපුම් 320ක් උතුරෙන් වූ හෙල්සිංකි නගරයට මෙහි සිට දුම්රිය මාර්ගයක් ද වැටී තිබේ. ජනගහනය (1951 දී) 38, 794කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අව්ලු&oldid=5598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි