අවුද්හි බේගම්වරියෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියානු ඉතිහාසයෙහි මේ කුමරියන් දෙදෙන ගැන සඳහන් වන්නේ බෙංගාලයේ ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාණ්ඩුකාරයා වූ වොරන් හේටිංස්ගේ පාලන සමයේ දී (1774-1785) ඇති වූ අක්‍රමිකතාවන් ගැන කියන විටය. මේ බේගම්වරියන් දෙදෙනාගෙන් වැඩිමහලු බේගම්වරිය වූ බරා බේගම් ක්‍රි.ව. 1775 දී අවුද්හි නවාබ් තනතුරට පත්වුණු අසාෆ්-උද්-දවුලාගේ මිත්තණියෝයි. අනික් බේගම්වරිය නම් අසාෆ්-උද්-දවුලාගේ මෑණියන් වූ ද ෂූජා-උද්-දවුලාගේ (1754-1775) බිරිඳ වූ ද බහු බේගම්ය. මොවුන් දෙදෙනාට ක්‍රෑරකම් කරන ලද යි ද ඔවුන්ට අයත් වස්තුව කොල්ලකන ලදැ යි ද යනු වොරන් හේස්ටිංස්ට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් පවත්වන ලද විභාගයේ දී නගන ලද චෝදනාවන්ගෙන් දෙකකි.

(සංස්කරණය: 1965)