අශෛක්ෂ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අධිශීල-අධිචිත්ත-අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මියැ යුතු බවක් නැති රහතුන්වහන් සේයැ. කල්‍යාණ පෘථග්ජනයා හා සප්ත ආර්යයෝ හෙවත් සෝතාපත්ති, සකදාගාමී, අනාගාමී යන මාර්ගඵලස්ථයෝ ද අර්හන්මාර්ගස්ථයා ද මතු මත්තෙහි මාර්ගඵලයන් සඳහා ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මියැ යුත්තාහුය. එහෙයින් ඔවුහු හික්මෙත් නුයි 'ශෛක්ෂ' නම් වෙති. ශෛක්ෂ ධර්මයන් ඉක්මවා අග්‍රඵලයෙහි සිටියේ මත්තෙහි හික්මියැ යුතු බවක් නැති හෙයින් 'අශෛක්ෂ' නම් වෙයි; රහතුන්වහන්සේයි.

තවද අර්හත්ඵලධර්මයෝ ද අශෛක්ෂ නම් වෙති. මත්තෙහි හික්මියැ යුතු බවක් නැති හෙයින් ශෛක්ෂ නොවූවාහුය යන අර්ථයෙනි. මෙසේ අර්හත් ඵලධර්මය ද එයින් සමන්විත වූ ක්ෂීණාශ්‍රව පුද්ගලයා ද 'අශෛක්ෂ' යයි කියනු ලැබේ. ශෛක්ෂ ද බ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශෛක්ෂ&oldid=5601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි