අශෝක විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අයුවාං). මෙය නැගෙනහිර චීනයේ චෙකියෑං පළාතට අයත්නිපෝ (වර්තමාන නිෂියන්) නගරයෙහි පිහිටි සුප්‍රසිද්ධ පැරණි බෞද්ධ විහාරයකි. ඉන්දියාව හා චීනය අතර පැවැති සංස්කෘතික සම්බන්ධතාවන් හෙළි කරන මෙම විහාරය ක්‍රි.ව. 405 දී ඉදිකරන ලද්දකි. විහාරයේ අලංකාර ශාලාව තුළ පිහිටුවා ඇති 'ශරීරස්තූප' නමින් හැඳින්වෙන ධාතු කරඬුව ධර්මාශෝක අධිරාජයා විසින් ගෞතම බුදුන්ගේ ශාරීරික ධාතු තැන්පත් කොට කරවන ලද්දකැයි සැලැකේ. මෙම පූජ්‍යස්ථානය අශෝක විහාරය නමින් හැඳින්වූයේ ද අශෝක රජු හා ඇති එකී සම්බන්ධය හේතු කොට ගෙනය. විහාර ගොඩනැඟිල්ල චීන ගෘහ නිර්මාණ සම්ප්‍රදාය අනුව තැනුණකි. ශරීරස්තූපය මධ්‍ය ආසියවේ ඛෝතාන් ප්‍රදේශයෙහි ස්තූපයන්ගේ ආකෘතියට සමාන බව තාං යුගයට අයත් ලේඛනයක සඳහන් වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශෝක_විහාරය&oldid=5605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි