අෂ්ටනාරී රථය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ මධ්‍යකාලීන යුගයෙහි ප්‍රචලිතව පැවැති සැරසිලි මෝස්තරයකි. විශේෂයෙන් උඩරට කැටයම්වල මෙය දක්නා ලැබේ. කාන්තා රූපවලින් සැදුණු රථයක ආකෘතිය මෙයින් නිරූපණය වේ.ආනන්ද කුමාරස්වාමි මහතා මෙහි නාරී රූප අටක් ඇතැයි සලකා “අෂටනාරි රථය"යි නම් කරතත් සැබැවින් මෙහි යොදා ඇත්තේනාරී රූප සතකි.

මධ්‍යයෙහි ඇති රූපය රථාරූඪ වූ කාම දේවයා ලෙස හැඳින් විය හැක.මේ පිළිබඳ කදිම නිදසුනක් කොළඹ කෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇති දහහත් වන සියවසට අයත් තුවක්කු කඳක වූ කැටයමක දැක්වෙයි. නාරී රූප සතකින් සැදුණු රථයක නැඟි කාමදේවයා දකුණතින් මල් හීයක් හා වමතින් උක්දඬු දුන්නක් දරා සිටින ආකාරය ඉන් නිරූපණය වේ. (සිංහල සැරසිලි මෝස්තර බ.)

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂ්ටනාරී_රථය&oldid=6153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි