අෂ්ට පිණ්ඩ පරීක්ෂා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ වනාහි යුවතියක සරණ පාවා ගන්නට පෙර ඇගේ භාග්‍යය, ගතිගුණ හා අධ්‍යාත්මික ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම සඳහා පැරණි භාරතීයයන් විසින් කරන ලදැයි සඳහන් වන එක්තරා පරීක්ෂණයෙකි. එය කළ යුතු ආකාරය අශ්වලායන ගෘහ්‍ය සුත්‍රයෙහි මෙසේ සඳහන් වේ: කුඹුරු, ගවහල්, සිද්ධස්ථාන, දු කෙළින තැන්, ජලය නොසිඳෙන විල්, කරමැටි බිම්, සතර මංසන්ධි, සුසාන භූමි යන ස්ථාන අටකින් මැටි පිඬු අටක් ගෙන නියමිත මන්ත්‍රයකින් ජප කොට විවාහ වන්නට බලාපොරොත්තු වන තරුණියට එයින් එක් මැටි පිඬක් ගන්නට නියම කළ යුතුයි. ඕ කෙතින් ගෙනා මැටි පිඬ ගත හොත් වී, ඇල්, තල, මෙනේරි ආදි ධාන්‍ය වර්ගයන්ගෙන් ආඪ්‍ය වන්නීය. ගවහලෙන් ගෙනා මැටි පිඬ ගතහොත් ගව සම්පතින් ආඪ්‍ය වන්නීය. සිද්ධස්ථානයෙන් ගෙනා මැටි පිඬ ගතහොත් ගෙනා මැටිපිඩ ගතහොත් ආග මික කටයුතු වල නිරත වන්නීය. දූ කෙළින තැනකින් ගෙනා මැටි පිඩ ගතහොත් අන්‍යයන්ගේ දොස් සෙවීමෙහි ද උපාය යෙදීමෙහි ද කථාවෙහි ද දක්ෂ වන්නීය. බොහෝ පුරුෂයන්ගේ සමාගමය පතන්නීය. නොසිඳෙන විලකින් ගෙනා මැටිපිඩ ගතහොත් සියලු සම්පතින් ආඪ්‍යව සුසිල්වත් වන්නීය. කරමැටි බිමකින් ගෙනා මැටි පිඩ වඳ වන්නීය. සතරමංසන්ධියෙන් ගෙනා මැටි පිඩ ගතහොත් නින්දිත හැසිරීම් ඇති වන්නීය. සුසාන භූමියෙන් ගෙනා මැටි පිඩ ගත හොත් කනවැන්දුම් වන්නී යයි ද සඳහන්ය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]