අෂේරා
සිංහල විශ්වකෝෂය වෙතින්
කානාන් දේශවාසීන්ගේ ආගමේ ප්රධාන දෙවඟන වූ ඇෂ්ටොරේත් නිරූපණය කිරීමට තනා ඇති ප්රතිමාව හැඳින්වීමට අෂේරා යන නම භාවිත කෙරේ. පරණ තෙස්තමේන්තුවේ ඇස්ටොරේත් දෙවඟන පිළිබඳ වන්දනමානන විස්තරවන තන්හි ද අෂේරා යන නම යෙදී තිබේ.
අෂේරා ප්රතිමාව ලීයෙන් කරන ලද්දක් බැවින් ඇෂ්ටොරේත් පිදීම වෘක්ෂ වන්දනාවකින් ශේෂ වූවක් ලෙස සලකනු ලැබේ.
(සංස්කරණය: 1965)