අස්ගිරිය-1
සිංහල විශ්වකෝෂය වෙතින්
කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කූරු කෝරළයේ දාසිය පත්තුවේ පිහිටි නියම් ගමකි. ගම්පහට සැතපුම් 1, 1/2ක් පමණ වයඹ දෙස අඩි 228ක් පමණ උස් වූ ප්‍රදේශයෙක අස්ගිරිය නම් කොත්කන්දක් ඇත. අස්ගිරි ග්‍රාමය පිහිටා ඇත්තේ එහි පාමුලය. හෙනරත්ගොඩ (ගම්පහ) උද්භිද උද්‍යානය පිහිටියේ මීට දකුණෙනි.
අස්ගිරි කොත්කන්ද මුදුනෙහි විහාරයක් ඇති හෙයින් ඊට නැගෙනහිරින් වූ ග්‍රාමය විහාරකන්ද යන නමින් හඳුන්වති. ගම්පහ නගරයට නුදුරු හෙයින් අස්ගිරිය ජනාකීර්ණ ප්‍රදේශයක්ව තිබේ.
(සංස්කරණය: 1965)