අස්මෝඩියස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අස්මෝඩියස් වූ කලි යුදෙව් දේව කථාවන්හි සඳහන් වන යක්ෂයෙකි. යක් රජකු හැටියට ද දැක්වේ. අස්මෝඩියස් යනු හේබ්‍රෙව් බසින් 'විනාශ කරන්නා' යන තේරුම ගෙන දෙන්නකි. ශරතුස්ට්‍ර ආගමේ දේවකථාවන්හි ද මොහු ගැන සඳහන් වේ.

මෙතෙමේ රගුවෙල් නමැත්තාගේ දුහිතෘ වූ සාරාට ආලය බැඳ, ඇය හා විවාපත් පුරුෂයන් සත් දෙනකු ම පිළිවෙළින් ඒ ඒ මඟුල් දින රෑ මරා දැමීය. මේ නිසා මොහු විවාහක ප්‍රීතිය නැති කර දමන භූතයකු හැටියට විශ්වාස කෙරේ. තල්මුද්හි මොහු සඳහන් වන්නේ සොලමන් රජු පිළිබඳ කථා ආශ්‍රිතවය. එහි ද විවාහක අසමගිය හා ඊර්ෂ්‍යාව ඇති කරන යක්ෂයකු ලෙස හැඳින්වේ. අස්මෝඩියස් නාමය පැරැණි පර්සියානු සෙන්ද්- අවෙස්තා ග්‍රන්ථයන්හි එන දුෂ්ට යක්ෂයකුගේ නාමය වූ අයේෂ්ම දේව යන්නෙන් භින්න වූවකැයි සමහරු සිතති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්මෝඩියස්&oldid=4901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි