අස්සපුර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය බුද්ධකාලයෙහි පැවැති සොළොස් මහජනපදයන්ගෙන් එකක් වූ අංග රාජ්‍යයට අයත් නගරයකි. චේතිය ජාතකයෙහි දැක්වෙන පරිදි, චේතිය රටේ උපචර රජතුමාගේ පුතුන් පස්දෙනා අතුරින් දෙවැන්නා ඉදිකළ නගරය අස්සපුර නම් විය. සුදු මංගල අශ්වයකු සිටිනු දුටු තැන මේ නගරය කරවන ලද හෙයින් එයට මේ නම ලැබීල. අස්සපුරය උපවර රජතුමාගේ රාජධානියේ අගනුවර වූ සොත්ථිවතී පුරයට දකුණු දෙසින් පිහිටා තුබුණු බැව් ද කියැවේ. එහෙත් එය මේ වනතුරු හඳුනා ගෙන නැත.

බුදුරදුන් විසින් මහා අස්සපුර සූත්‍රය හා චූල අස්සපුර සූත්‍රය ද දේශනා කරන ලද්දේ මේ නගරයේ දී බව මජ්ඣිම නිකායෙහි සඳහන් වෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්සපුර&oldid=4963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි