අසේල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.පූ. 155–145?). අනුරාධපුරයේ රජ කළ මුටසීව රජුගේ (ක්‍රි.පූ. 307–247?) නවවැනි පුත්‍රයා යයි සඳහන් වේ. ඔහුගේ වැඩිමහලු සොහොයුරකු වූ සූරතිස්ස රජුගෙන් (ක්‍රි.පූ. 187-177?) අනුරාධපුර රාජ්‍යය සේන හා ගුත්තික නමැති දකුණු ඉන්දියානු අස් වෙළඳුන් දෙදෙනෙකු විසින් පැහැරගන්නා ලදි. අසේල මේ වෙළඳුන් දෙදෙන මරා දමා අනුරාධපුර රාජ්‍යය නැවත ලබා ගෙන රජකමට පත් විය. එහෙත් මොහුට ද වැඩි කලක් රජ කරන්නට නොලැබිණ. දකුණු ඉන්දියාවෙන් පැමිණි එළාර (ක්‍රි.පූ. 145-101?) නම් සොළී කුමාරයකු අසේල රජු පරදවා අනුරාධපුර රාජ්‍යය අත්පත් කොටගත් හෙයිනි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසේල&oldid=6546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි