අහර්ගණය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට අයත් ගණිත ක්‍රමයකි. අහර්ගණය යනු වාර සමූහය යනාර්ථයි. කල්පාරම්භයේ සිට හෝ අන්‍ය කාල පරිච්ඡේදයක සිට හෝ යම්කිසි අවශ්‍ය දිනයක් දක්වා ගත වී තිබෙන භෞමික දින සංඛ්‍යාව දැන ගැනීමට ද දින, මාස, වර්ෂාධිපතීන් නිර්ණය කිරීමට හා සියලු ග්‍රහගණිතයට ද ඉවහල් වන බැවින් අහර්ගණය විශේෂ සැලකීමට භාජන වූවකි. එය ද්‍යුගණ නමින් ද හැඳින්වේ. මේ ගණිතය සූර්‍යයසිද්ධාන්තයේ විස්තර වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අහර්ගණය&oldid=5617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි