අ‍ට්ටාකෝට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

4 වැනි ශතවර්ෂයේ දී බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළවුන් අතුරෙන් මොවුන් ද එක් වර්ගයක් හැටියට ලතින් ලේඛකයෝ සඳහන් කරති. ඔවුන් මිනීමස් කන ජාතියක් ලෙස ජෙරෝම් සාන්තුවරයා දක්වයි. පසුව අට්ටාකෝට් හමුදා රෝම යුද්ධ හමුදාවේ සේවය කළ බව සඳහන් වේ. එසේ ද වුවත් ඔවුහු කුමන ප්‍රදේශයක වාසය කළාහු දැ යි නිශ්චය වශයෙන් සඳහන් කිරීම දුෂ්කරය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අ‍ට්ටාකෝට්&oldid=1401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි