ආකිඅනෙලිඩා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Archiannelida). සරල නිර්මාණයක් ඇති වාලයික පණු වර්ගයකි (අනෙලඩා බ.). මේ පණුවන්ගෙන් වැඩි කොටසක් නොගැඹුරු මුහුදුවල ජීවත් වෙති. මෙම වර්ගයෙහි ගණ ස්වල්පයක් අඩංගු වේ.

මුන්ගේ ශරීරවල පැහැදිලි ඛණ්ඩනයක් (segmentation) සාමාන්‍යයෙන් දකින්නට නොලැබේ. අපිචර්මීය ඇලි (grooves) පක්ෂ්මල (cilia) සහිතය. දැඩි කෙඳි (setae) ඇත්තවුන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. නි. සකොසිරුස්. ප්‍රෝටොඩ්රිලුස් හා පොලිගෝඩියුස් මේ වර්ගයට අයත් තවත් ගණ දෙකකි.

සත්ව විද්‍යාව හදාරන ශිෂ්‍යයකුට ආකිඅනෙලිඩා වර්ගයෙන් ලැබෙන ප්‍රයෝජනය නම් එක්තරා පරිණාම ක්‍රියා මාර්ගයක් සවිස්තරව එළිදරවු වීමයි. ආකිඅනෙලිඩා යන නාමයෙන් අනෙලිඩා වංශයෙහි මූලික පරම්පරාවක් අදහස් වෙතත් මොවුන් පොලිකීටා (බ.) වර්ගය සරල වී යෑමෙන් පරිණාමය වූ සතුන් ලෙස සැලකිය යුතුය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආකිඅනෙලිඩා&oldid=5748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි