ආගොනෞටා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Argonauta). ශීර්ෂ පාදිකයන්ගේ (කෙපලොපොඩා බ.) ගණයකි. මධ්‍ය ධරණී සාගරයෙහි බහුල පත්‍ර නෞටිලසයා අයත් වන්නේ ද මේ ගණයටයි. පත්‍ර නෞටිලසයන්ගේ ගැහැනු සතුන්ට ඉතා ලක්ෂණ වූ ද සුදු පැහැති වූ ද තුනී බාහිර පිටකටුවක් ඇත.

ඔරුවක හැඩය ඇති මේ පිටකටුව තනි කාමරයකින් යුක්තය. සතාගේ ශරීරයේ අවයව පිට කටුව සමග සම්බන්ධ වන්නේ නැත. බිත්තර දැමීම පිණිස භාජනයක් ලෙස ගැහැනු සතා මේ පිටකටුව පාවිච්චි කරයි. පිරිමි ආගොනෞටා ගැහැනු සතාට වඩා කුඩාය. ඌට පිටකටුවක් නැත.

මේ සතාගේ පිටකටුවේ හැඩය පුරාණ නැවත හැඩයට සමාන බැවින් මූට ආගොනෞටා යන නම ලැබී ඇත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආගොනෞටා&oldid=5765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි