ආඩ් වෘකයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Aard-wolf). (ප්‍රොටෙලේස් ක්‍රිස්ටාටා]. වයිරම් සහිත කුඩා තරසකු (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්‍රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල වාසය කරයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආඩ්_වෘකයා&oldid=5838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි