ආන්ත්සියෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී මුහුදු කොල්ලකාරයන්ගේ බලගතු මධ්‍යස්ථානයක් ද විය. පසුකාලයේ දී නීරෝ රජු විසින් මෙහි වරාය දියුණු කරන ලදි. 9 වැනි 10 වැනි ශත වර්ෂවල දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ ආන්ත්සියෝ නගරය නැවත දියුණු වූයේ 17 වැනි ශත වර්ෂයේ දීය. නීරෝ රජුගේ ජන්ම භූමිය වූ ද පැරැණි ජනාවාසයක් වූ ද මෙය පුරාවිද්‍යාව අතින් වැදගත් නගරයකි. දෙවැනි ලෝකයුද්ධ සමයේ දී කැසීනෝහි ජර්මන් බලය බිඳීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදාවෝ මෙහි ගොඩබටහ. වර්තමාන ආන්ත්සියෝ වරාය මාළුතොටකි. එහි වෙරළ විනෝදකාමීන් අතිශයින් ප්‍රියකරන ස්ථානයකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආන්ත්සියෝ&oldid=6292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි