ආමලසය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Chyme). මුඛ මාර්ගයෙන් ගන්නා ආහාර අන්නස්‍රෝතස (æsophagus) ඔස්සේ ගොස් ආමාශයට පැමිණේ. ආමාශයට ආහාර ඇතුළු වූ විට ජඨරීය යුෂය (gastric juice) මේ ආහාර කෙරෙහි ක්‍රියා කරයි. එවිට ආහාර ද්‍රව්‍ය අර්ධ-තරලයක් බවට පරිවර්තනය වෙයි. ඉක්බිති මේ අර්ධ-තරල පිණ්ඩය ආමාශයෙන් ග්‍රහණියට (duodenum) පිට කැරෙයි. ආමාශයෙහි ජීරණය කරන ලද මේ අර්ධ-තරල ආහාර පිණ්ඩයට ආමලස යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ආමලසය ආමාශයෙන් පිට වූ විට එය කෙරෙහි පිත හා අග්න්‍යාශයික යුෂය (pancreatic juice) ක්‍රියාකරයි. (ජීරණ පද්ධතිය බ.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආමලසය&oldid=5809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි