ආම්රුම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වයඹ දිග ජර්මනියෙහි ෂ්ලෙස්විග්හොල්ස්ටයින් වෙරළබඩ පිහිටි උතුරු ෆ්‍රිසියානු දූපත්වලට අයිති කොදිව් අතුරෙන් එකකි. දිගින් සැතැපුම් 6ක් වූ එහි ප්‍රමාණය වර්ග සැතැපුම් 1021/2ක් දිගින් පමණි. බොහෝ සෙයින් එය ගස් නොවැවෙන වැලි සහිත ප්‍රදේශයක් වන නමුත් එහි පිහිටි වගුරු තීරයක සාරවත් ලෙස තණකොළ වැඩේ. ප්‍රධාන නගරය නෙබෙල්ය; ජනගහනය (1950) 851කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආම්රුම්&oldid=5821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි