ආර්මාංටියේර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උතුරු ප්‍රංසයේ නෝර් පළාතෙහි පිහිටි නගරයකි. මෙය හණ, ලොම් සහ කපු පිළී විවීම ද ඒවා සායම් පෙවීම සහ මුද්‍රණය කිරීම ද පිළිබඳව මධ්‍යතන යුගයේ පටන් ම ප්‍රසිද්ධියක් උසුලයි. මේ සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ නිපදවීමත් මෙහි කරනු ලැබේ. පළමු වැනි ලෝක සංග්‍රාම සමයේ දී මෙය ජර්මන් ජාතිකයන් විසින් ඉතා දරුණු ලෙස විනාශ කරන ලදි. ජනගහනය (1954) 20,274කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්මාංටියේර්&oldid=6773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි