ආසන-5

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

චක්‍රවර්ති රජුන්ගේ හා වෙනත් ශ්‍රෙෂ්ඨ පුද්ගලයන්ගේ හිඳීමට යෝග්‍ය වූ ආසන හතක් ගැන විශ්වකර්ම වාස්තු ශාස්ත්‍රයේ සඳහන් වේ. 1.සිංහාසනය 2.භද්‍රාසානය 3.කූර්මාසනය 4.වීරාසනය 5.මානාසනය 6.විජයාසනය 7.පර්යඞ්කාසනය යන නම්වලින් මේ අසුන් හැඳින්වෙයි. මොවුනතුරෙන් සිංහයකුගේ ආකෘතියක් දරන ආසනය සිංහාසනයයි. එය චක්‍රවර්තීන්ට හා ක්ෂත්‍රියයන්ට යෝග්‍යය. භද්‍රාසනය සාමන්ත භූපාලයන් සඳහාය. පරිව්‍රාජක, යති, යෝගී යන මොවුන්ට කූර්මාසනය ද සේනාපතීන්ට වීරාසනය ද ඇමතියනට, කුලගුරුනට හා කලා නිපුණයන්ට මනාසනය ද යුවරජුන්ට විජයාසනය ද ඒ ඒ න්‍යාය විචාරණාදී කාර්‍ය්‍යයන්ට සහභාගීවන්නන්ට පර්යඞ්කාසනය ද හිඳීමට යෝග්‍ය අසුන් හැටියට සඳහන් කර තිබේ. මෙහි නොකී අයට ද නියමිත ආසන බොහෝ ගණනක් ඇති බව සඳහන් වුව ද ඒ පිළිබඳ විස්තර යථෝක්ත ග්‍රන්ථයෙහි නොදැක්වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආසන-5&oldid=6879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි