ආළවක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අළව් රට අළව් නුවර එක් නුගරුකක් අරක්ගෙන විසූ බල සම්පන්න යක් සෙනෙවියෙකැයි බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. වෙසවුණු රජු ගෙන් වරම් ලැබ, නුගරුක් සෙයට වන් සතුන් බිලි කොට ගනිමින් විසූ මෙතෙමේ පසුව බුදුන් සරණ ගියේය. මොහු බුදුසමය වැලඳගැනීම (ආළවක දමනය) බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් අතුරෙන් එකක් ලෙස සැලැකේ. බෞද්ධයන් විසින් ආරක්ෂාව යැදිය යුතු යක්ෂ ප්‍රධානීන් අතුරෙන් කෙනෙකු ලෙස මොහුගේ නම ආටානාටිය සූත්‍රයෙහි සඳහන් වේ.

දිනක් මුව දඩයමේ ගිය අළව් රජ මොහුට හසු වී දිනපතා බත්තලියක් හා මිනිස් බිල්ලක් දීමට පොරොන්දු වීමෙන් යම්තම් ගැළවිණි. නගර ගුත්තිකගේ හා ඇමැතියන්ගේ ආධාර ඇතිව දොළොස් අවුරුද්දක් ම හේ මේ පොරොන්දුව ඉටු කෙළේය. පළමුව අපරාධකරුවෝ ද දෙවනුව අලුත වැදුදරුවෝ ද මේ සඳහා යවනු ලැබූහ. මෙසේ මුන් හැම කෙනකුන්ම බිලි දී අවසානයේ දී ඉතිරි වූයේ රජුගේ පුත් ආළවක කුමරු පමණි. කිසිවක් කර කියාගත නොහැකි වූ අළව් රජ ඔහු බිල්ලට නියම කෙළේය.

මහ කුලුණු සමවතින් ලොව බලා වදාළ බුදුරදහු සිදු වීමට යන විපත මෙන්ම යකු හා කුමරු හා දෙදෙනම මඟපල ලැබීමට තරම් හේතු සම්පත් ඇත්තන් බව ද දැන තිස් යොදුන් මහ ගෙවා අළව් යක් විමනට වැඩියහ. එවිට ආළවක යක් සෙනෙවියා යක්ෂ සමාගමයට ගොස් සිටියේය. ගද්‍රහ නම් දොරටු පාලයා බුදුන් පිළිගෙන සත්කාර කෙළේය. එහෙත් හේ කල් ඇතිවම යක් සෙනෙවියාගේ ගති ගුණ බුදුනට අනාවරණය කෙළේය. බුදුහු ද ආළවකයාගේ අසුනෙහි ම පිරිවර ස්ත්‍රීනට දම් දෙසන්නට වන්හ. ගද්‍රහයා බුදුන්ගේ පැමිණීම පිළිබඳ ආරංචිය ගෙන ආළවකයා වෙත ගියේය. මේ අතර යක්ෂ සමාගමයට යන සාතාගිර, හේමවත යන යක්ෂ සේනාපතීහු දෙදෙනා ද බුදුන් වැඩහිදින බව දැන ආළවක භවනට පැමිණ උන්වහන්සේට ගරු බුහුමන් දක්වා යන්නට ගියහ.

බුදුන් ස්වකීය භවනට පැමිණි බව ගද්‍රභයන්ගෙන් මෙන් ම සාතාගිර, හේමවත දෙදෙනාගෙන් ද දැනගත් ආළවක යක්ෂ සේනාපති තෙමේ බලවත් සේ කුපිත වුයේ සැණෙකින් භවන කරා පැමිණියේය. බුදුන් සිය අසුනෙහි වැඩ හිඳිනු දැක හේ වඩාත් කෝපයට පත් විය. උන්වහන්සේ භවනින් නෙරපීමට හැකි හැම උත්සාහයක් ම දරා අන්තිමේ දී තම විශේෂ ආයුධය වූ “වේලායුධ”ය ද මෙහෙයා ඉනුදු පලක් නොවූ කල්හි වචනයෙන්ම දමනය කරමියි සිතූ හේ උන්වහන්සේ වෙත එළඹ මහත් ඝෝෂා පතුරුවා තම හවතින් පිට වන ලෙස අණ කෙළේය. බුදුන්වහන්සේ එයට කීකරු වූහ. නැවතත් හේ ආපසු එන ලෙස විධාන කෙළේය. බුදුහු ඊට ද එකහ වූහ. මෙසේ ඔහුගේ බලවත් කෝපය සංසිඳවාලීමට බව වටහාගෙන ඒ සමාපත්තියෙහි දොස් දුටහ. එක ම මාර්ගය ඔහු සිතැඟි ඉටු කිරීම බව තේරුම් ඉක්බිති කාලාමයන් ඇසුරු කිරීමෙන් මත්තෙහි ගත් බුදුහු තෙවරක් ම ඔහුගේ අණට කීකරු වන දියුණුවක් නුදුටු බෝසතුන් ඒ තාපස සමාගම වූහ. එහෙත් සිව්වැනි වර උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කෙළෙන් ආළවක තෙමේ ප්‍රශ්න යෙන් ඉවත්ව මගධ දේශයෙහි මහී ගඟින් එතර ඇසීමට කැමැත්ත පළ කෙළේය. ඔහු විචාළ හැම ප්‍රශ්නයකට ම බුදුන් වහන්සේ පිළිතුරු දුන් කල්හි ආළවක ඉමහත් සතුටට පත් විය; කෙළවර සෝවාන් ඵලයට ද පැමිණියේය.

ආළවක කුමරු බිලි දීමට ගෙන එනු ලැබූයේ මේ අවස්ථාවේ දීය. රාජ දූතයන් විසින් කුමරුන් භාර දුන්නේ බුදුන් ඉදිරියෙහි බැවින් ආළවකයාට මහත් ලජ්ජාවක් ඇති විය. එහෙත් හේ සිරිත් පරිදි ඔහු භාරගෙන බුදුන් වහන්සේට පූජා කෙළේය. බුදුහු ද කුමරු ආපසු රාජදූතයන් අතට පත් කළහ. (ආළවක කුමාරයා හත්ථාළවක නමින් හැඳින්වුණේ මෙසේ අතින් අතට පත් වූ හෙයිනි.) මේ සිද්ධියෙන් අනතුරුව රජු සහ රටවාසීන් විසින් ආළවක බෞද්ධ උපාසකයකු වූ බව අසා ඔහුට විශේෂ වාසස්ථානයක් තනවා දෙන ලදි. එතැන් සිට ඔහු ආළවකයන් නොයෙක් සුවඳ මලින් පුදන්නට වූහ.

සුත්ත නිපාත සහ සංයුත්ත නිකාය යන ග්‍රන්ථවල එන ආළවක සූත්‍රයෙහි ආළවකයා විසින් බුදුන්ගෙන් අසන ලද ප්‍රශ්න සහ බුදුන්ගේ පිළිතුරු ද ඇතුළත්ය.

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආළවක&oldid=2958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි