ඇක්රන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ඔහායෝ ප්‍රදේශයේ ඊසාන දිගින් පිහිටි නගරයකි. රබර් කර්මාන්තය පිළිබඳව එරටෙහි විශාලතම මධ්‍යස්ථානයයි. 1809 දී මෙහි ප්‍රථම ජනාවාස ඇති විය. මෙහි පළමු රබර් කම්හල අරඹන ලද්දේ 1870 දීය. ආහාර ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය, පිඟන් කෝප්ප, රථවාහන ආදිය නිපදවීම පිළිබඳ කර්මාන්ත රාශියක් ද මෙහි කරනු ලැබේ. දෙවැනි ලෝක යුද්ධ සමයේ දී කෘත්‍රිම රබර් කර්මාන්තය මෙන් ම අහස් යානා තැනීම ද මෙහි විශාල වශයෙන් කරන ලදි. ඇකරන් නගරය කාර්මික මධ්‍යස්ථාන යක් මෙන් ම ගංතොටක් හා අහස්යානා නැවතුම් පළන් ද වේ. රැඳී හිඳ වැඩ වර්ජනය (sit-down strike) පළමු වරට අරඹන ලද්දේ ඇක්රන්හි රබර් කර්මාන්ත සේවක පිරිසක් විසිනැයි කියනු ලැබේ. මෙහි විශ්ව විද්‍යාලයක්ද වෙයි. ජනගහනය (1961) 2,91,500කි.

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇක්රන්&oldid=2988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි