ඇට්ටඹරා
සිංහල විශ්වකෝෂය වෙතින්
(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි.
ලෙගනියාසේ කුලයට අයත් මේ ශාකය ලංකාවේ වැවෙන්නේ පාතරට තෙතමන සහිත ප්රදේශවලය. දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ.
(සංස්කරණය: 1967)
