ඇලගේනි කඳු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උතුරු ඇමෙරිකාවේ ඇපලේචියන් කඳු පන්තියෙහි කොටසකි. මධ්‍යම පෙන්සිල්වේනියාවේ සිට මේරිලන්ඩ් සහ ව'ජිනියා යන පළාත් ඔස්සේ කම්බර්ලන්ඩ් දක්වා විහිදෙන මේ කඳුවැටියේ සාමාන්‍ය උස අඩි 2,500කි. එහෙත් මෙහි ඇතැම් දකුණු කොටස් අඩි 4,000 දක්වා නගී. මේ කඳු ඉතා දැඩි ලෙස ඛාදනය වී තිබේ. ගමනාගමනය දුෂ්කර වූ මෙම කඳු පෙදෙස සෞම්‍ය කලාපික වනාන්තරවලින් යුක්තය. කෙටි කඳු වැටි අතර පිහිටි කුඩා නිම්න ගොවිතැනට යොදා තිබේ. කඳුබෑවුම්හි ගල්අඟුරු හා යකඩ නිධි තිබේ. ඇලගේනි, මොනොංගහේලා, පොටෝමැක්, ෂෙනන්ඩෝවා මේ කඳුවලින් පටන් ගන්නා ගංගා කීහිපයකි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලගේනි_කඳු&oldid=11752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි