ඇලගේනි ගඟ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පෙන්සිල්වේනියා සහ නිව් යෝක් ජනපද හරහා ගලන ගඟකි. මුහුදු මට්ටමෙන් අඩි 2,500ක් උසැති උතුරු පෙන්සිල්වේනියාවේ පිහිටි ඇලගේනි කඳුකරයෙන් පටන් ගන්නා මෙය ඔහායෝ ගඟේ අත්තකි; දිගින් සැතැපුම් 325කි. වර්ග සැතපුම් 11,400ක පමණ ජලවහන ප්‍රදේශයක් සහිත ඇලගේනි ගඟට කිස්කිමිනටස්, ක්ලැරියන්, ෆ්‍රෙන්ච් ක්‍රීක් ආදි අතු ගංගා කීපයක් ම ඇත. පිට්ස්බ'ග් නගරයේ සිට සැතැපුම් 200ක් පමණ ඉහළට එහි ජලයාත්‍රා යා හැකියි. ඒ ප්‍රදේශයේ දුම්රිය මාර්ග දියුණු කිරීමට පෙර, ගඟ දෙපස නිෂ්පාදනය වූ ගල් අඟුරු සහ ඛනිජ තෙල් එහා මෙහා ගෙනයාමට මෙම ගඟ උපකාරී විය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලගේනි_ගඟ&oldid=11753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි