ඇලදැත්ත
සිංහල විශ්වකෝෂය වෙතින්
මහනුවර දිස්ත්රික්කයේ මැද පළාත කෝරළයේ උඩුනුවර ප්රදේශයට අයත් ගමකි. දෙවන රාජසිංහ රජු සමයෙහි සිරකරුවකු වශයෙන් ලංකාවේ විසූ රොබට් නොක්ස් අවුරුදු දහයකට කිට්ටු කාලයක් ගත කළේ මේ ග්රාමයෙහි ඔහු විසින් මිලට ගන්නා ලද ඉඩමක තැනූ ගෙයකය.
රොබට් නොක්ස් විසූ ගෘහය කල්යාමෙන් ගරා වැටී ගිය නමුදු එම ගෙපළෙහි පසු කාලයක දී වළව්වක් ගොඩනංවා තිබුණ බව සඳහන් වේ. ඇලදැත්ත විහාරය නමින් හැඳින්වෙන විහාරයක් ද මේ ග්රාමයෙහි ඇත.
(සංස්කරණය: 1967)