ඇල්පැල්පා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(මෙඩිකාගො සටිවා - Medicago sativa L). ලෙගුමිනෝසේ (රනිල) කුලයට අයත් බහුවාර්ෂික ශාකයක් වූ මෙය අඩි 1 සිට 4 දක්වා උසට වැඩේ. පසෙහි අඩි 25ක් පමණ යටට පැතිරෙන මූල පද්ධතියක් ඇති බැවින් ඉඩෝරයට ඔරොත්තු දෙයි. වියළි ප්‍රදේශවල වර්ධනය වීමට ඇල්පැල්පා මනා ලෙස අනුවර්තනය වී තිබේ. මේ ශාකයේ පත්‍ර සංයුක්තය; ත්‍රිපත්‍රීය. ඒකාක්ෂවල දම්පාට මල් දක්නට ලැබේ.

රෝම යුගයේ පටන් අද දක්වා ම යුරෝපයේ බෙහෙවින් වවනු ලබන මේ ශාකය ප්‍රධාන ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ අශ්වයන්ගේ හා ගවයන්ගේ ආහාරයට ගන්නා පිදුරු වශයෙන්ය. කැලිෆෝනියා වැස්සෝ සුවඳැති ඇල්පැල්පා මල්වලින් රොන්ගන්නා මී මැස්සන්ගෙන් මී පැණි වර්ගයක් නිෂ්පාදනය කරති.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්පැල්පා&oldid=12015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි