ඇලොක්සෑන්
සිංහල විශ්වකෝෂය වෙතින්
(Alloxan). සිසිල් නයිට්රික් අම්ලයෙන් යුරික් අම්ලය ඔක්සිකරණයට භාජන කිරීමෙන් මේ කාබනික සංයෝගය ලැබේ.
88888888888888888888888888888888888
ඇලොක්සෑන් ස්ඵටික ජල අණු සතරක් සමඟ ස්ඵටිකීකරණය වේ. මේවා ජලත්යාගී (efflorescent), නිර්වර්ණ, ප්රිස්මාකාර, ලොකු ස්ඵටිකය. මේ ස්ඵටික රත් කළ විට ඒවායෙන් ජල අණු තුනක් පහසුවෙන් පිට වේ. සිව්වැනි ජල අණුව පිට වන්නේ මොනොහයිඩ්රේටය සෙ. 150ට පමණ රත් කළ විටය. එබැවින් මේ සිව්වැනි ජල අණුව ස්ඵටික ජල අණුවක් නොවේ යයි විශ්වාස කරනු ලැබේ. ඇලොක්සෑන් බේරියම් හයිඩ්රොක්සයිඩ් සමඟ ක්රියා කරන විට යුරෙයා ලැබේ. ඇලොක්සෑන් ජලයෙහිත් මද්යසාරයෙහිත් ද්රවණය වේ.
ඇලෙක්සෑන් ප්රබල ආම්ලික සංයෝගයකි. මේ සංයෝගය කෙනකුගේ හමේ ගෑවුණ හොත් හම දම්පාට වේ. පාචනයේ දී අන්ත්රවලින් පිට වන ශ්ලේෂ්මලයෙහි හෙවත් සීදන්වල ඇලෙක්සෑන් තිබේ.
(සංස්කරණය: 1967)