ඉබ්න් දුරයිද්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(837-934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්‍යාඥයෙක් ද විය.

බස්රාවේ උපන්, දකුණු අරාබි ගෝත්‍රයකට අයත් වූ මොහු 871 දී ඕමන් වෙත පලා ගියේය. ක්‍රි.ව. 883 දී ඉන් පර්සියාවට ගිය ඉබ්න් දුරයිද් 920 වන තුරු ම එහි ජීවත් වූයේය.

ඉබ්න් දුරයිද්ගේ 'නිරුක්ති ග්‍රන්ථය' (කිතාබ් අල් ඉෂ්තිකාක්) නම් කෘතිය වූකලි අරාබි ගෝත්‍ර නාමයන්ගේ නිරුක්ති පිළිබඳව ලියැවුණකි.

විශාල අරාබි ශබ්දකෝෂයක් ද මොහු විසින් කරන ලදි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_දුරයිද්&oldid=7979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි