ඉබ්න් ෆරාදි
සිංහල විශ්වකෝෂය වෙතින්
(962–1012). නීතියෙහි සහ ධර්මශාස්ත්රයන්හි බහුශ්රැතයකු වූ මොහු අරාබි ජාතික ඉතිහාසඥයෙකි.
කෝර්දෝවාහි උපන් ඉබ්න් ෆරාදි 992 දී මක්කම වැඳීමට ගොස් අනතුරුව දේශසංචාරයෙහි යෙදී මිසරයේ සහ කයිර්වාන් නගරයේ සංචාරය කෙළේය.
සියරටට පෙරළා පැමිණි මොහු 1009 දී වැලෙන්සියාවේ විනිශ්චයකාර (කාදි) ධුරයට පත් කරන ලදි. 1012 දී බර්බර්වරුන් විසින් කෝර්දෝවා අල්ලාගනු ලැබූ අවස්ථාවෙහි ඔවුන් විසින් ඉබ්න් ෆරාදි මරා දමන ලදි.
ඉබ්න් ෆරාදිගේ කෘතීන් අතුරෙන් 'ඇන්ඩලූසියානු උගතුන්ගේ ඉතිහාසය' විශිෂ්ටතම ග්රන්ථය ලෙස සලකති.
(සංස්කරණය: 1970)