ඉමන්ද්‍රා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෝවියට් රුසියාවේ කෝලා අර්ධද්වීපයෙහි උත්තරාක්ෂාංශ 67° 59′ හා නැගෙනහිර දේශාංශ 33° 1′ ආශ්‍රිතව පිහිටි විලකි. බෝල්ටික් පලිහ නමින් හඳුන්වනු ලබන ග්රැනිට් පාෂාණමය සානුවෙහි අයිස් ඛාදනය නිසා හෑරී ඇති ද්‍රෝණියක වූ මෙම විල සැ. 65ක් පමණ දිගය; ව.සැ. 330ක් විශාලය. මින් නිකුත් වන නීවා (Neva) ගඟ ජල විදුලි බලය නිපදවීම උදෙසා යොදාගෙන ඇත. ඉමන්ද්‍රා විලෙහි නැගෙනහිර ඉවුරබඩ තඹ නිධි තිබේ. මුර්මාන්ස්ක්හි සිට ලෙනින්ග්‍රාඩ් දක්වා වූ දුම්රිය මාර්ගය ද මෙම විලෙහි නැගෙනහිර ඉවුර ඔස්සේ වැටී ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉමන්ද්‍රා&oldid=8129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි