ඉරිබටයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ.

ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරිබටයා&oldid=7946" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි