ඉස්මායිල් එල් අසාරි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1902 - ). නිදහස් සුඩානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ය. 1952 දී ජාතික සංගති පක්ෂය (National Unionist Party) පිහිටු වීමේ දී ප්‍රමුඛව ක්‍රියා කළ ඔහු පසුව එම පක්ෂයේ නායකයා බවට පත් විය. මිසරයෙන් මුදල් ආධාර ලබාගත් අසාරි 1953 ඡන්ද විමසීමෙන් ජය ලබා ගෙන 1954 දී අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ඉන් පසු ඔහු මිසරය සමඟ තිබුණු සම්බන්ධතාවන් බිඳ දමා 1956 දී සුඩානයට සම්පූර්ණ නිදහස ලබා දුන්නේය. එහෙත් විරුද්ධවාදීන්ගෙන් පැමිණි අතවරයන් හේතුකොට ගෙන 1956 ජූලි මාසය වන විට ඔහුට අග්‍රාමාත්‍ය ධුරයෙන් අස්වීමට සිදුවිය. 1958 දී ඔහු විපක්ෂ නායකයා විය. 1958 දී අබ්බුද් සෙනවියා විසින් පිහිටුවනු ලැබූ යුද්ධ ආණ්ඩුව යටතෙහි දේශපාලන පක්ෂ අවලංගු කරනු ලැබීමෙන් පසුව රජයෙන් විශ්‍රාම වැටුපක් ලබමින් අසාරි අප්‍රසිද්ධියේ කල් ගත කළේය. පසුව යුද්ධ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය පළ කිරීම නිසා ඔහුගේ විශ්‍රාම වැටුප නවත්වන ලදි. අනතුරුව 1961 දී ඔහු සිරබාරයට ගනු ලැබීය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]