ඊටන් විද්‍යාලය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එංගලන්තයේ උසස් විද්‍යාලයන් අතුරෙන් විශාලතම වූත් ඉතා ම ප්‍රකට වූත් විද්‍යාලයයි. බකිංහම්ෂයර් කෝරළයේ ඊටන් නම් නගරයේ පිහිටි මෙම විද්‍යාලය ක්‍රි.ව. 1440 දී සවැනි හෙන්රි රජතුමා විසින් පිහිටුවන ලද්දකි. ඊටන් විද්‍යාලයත් හෙන්රි රජතුමා විසින් ම පිහිටුවන ලද කේම්බ්‍රිජ්හි කිංස් විද්‍යාලයත් අතර සබඳකම් පැවැත එන්නේ ශතවර්ෂ පහකට නොඅඩු කාල පරිච්ඡේදයක සිටය. ශිෂ්‍යයන් අතර විනය පැවැත්වීම සඳහා ශිෂ්‍ය ගුරුවරුන් පත් කිරීම වෙනුවට ශිෂ්‍යයන් අතරින් ම තෝරාගනු ලබන නියෝජිතයන් පත් කිරීම අන්‍ය උසස් පාඨශාලාවනට වඩා මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. එංගලන්තයේ සුප්‍රකට රාජ්‍ය පාලකයන්, පූජකවරුන්, යුද්ධ නිලධාරින් ආදි බොහෝ දෙනෙක් ම මෙම විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබුවෝ වෙති.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊටන්_විද්‍යාලය&oldid=8255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි