ඊලි-1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නැගෙනහිර එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් කෝරළයට අයත් ඊලි දූපතෙහි වැදගත් නගරයකි. ලන්ඩන් නගරයට සැතපුම් 70ක් පමණ ඊසාන දිගින් ඌස් ගඟබඩ පිහිටා තිබේ. මෙහි පවත්නා ආසන දෙව්මැදුර එංගලන්තයේ ඉතා දර්ශනීය වූ ද විශාලතම වූ ද ආසන දෙව්මැදුරුවලින් එකකි. දෙව්මැදුරට අයත් භූමි භාගයෙහි ප්‍රකට විද්‍යාල කීපයක් ද ඇත.

පාලන ප්‍රදේශයක් හා පාර්ලිමේන්තු කොට්ඨාසයක් ද වන ඊලි දූපත ප්‍රමාණයෙන් වර්ග සැතැපුම් 375ක් වෙයි. කලින් ගොහොරුවලින් හා ජලයෙන් වට වී තිබුණු මේ ප්‍රදේශයට 18 වැනි ශත වර්ෂයේ දී ජලවහන ක්‍රම යොදනු ලබන තෙක් ම ළඟා විය හැකි වූයේ ජල යාත්‍රා මඟිනි. සාරවත් පසින් යුත් මෙම බිම් පෙදෙසෙහි වෙළෙඳ බෝග වර්ග වවනු ලැබේ. බීට් සීනි කම්හලක් හා ගොවි යන්ත්‍ර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ද මෙහි වෙයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊලි-1&oldid=8276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි