උදභාණ්ඩපුර
සිංහල විශ්වකෝෂය වෙතින්
ඉන්දියාවේ වයඹ දිග දේශසීමා ප්‍රාන්තයේ උ.අ. 34° 2’ හා නැ.දේ. 72° 27’ ආශ්‍රිතව සින්ධු නදිය බඩ පිහිටි නගරයකි. පැරණි නගරයක් වූ මෙහි නෂ්ටාවශේෂ ඇටොක් නගරයේ සිට සැතපුම් පසළොසක් දුරින් දැනට උණ්ඩි නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි දක්නට ලැබේ. උදභාණ්ඩපුර යන නාමයෙන් කල්හණ ද උ-තො-කියා-හන්-චි යන නමින් හියුං සියං ද වයිහින්ද් යන නමින් අල් බිරූනි ද මේ නගරය හඳුන්වා ඇත.
මේ ප්‍රදේශයේ පුරාවිද්‍යා පරීක්ෂණ පැවැත් වූ ජනරාල් කනිංහැම් මහතාට ශක, කුෂාණ ආදි රජවරුන්ගේ කාලවලට අයත් පැරණි කාසි සොයා ගත හැකි විය.
(සංස්කරණය: 1970)