උනම්බුවේ බණ්ඩාර
සිංහල විශ්වකෝෂය වෙතින්
අවසාන සිංහල රජතුමා ලෙස සැලකෙන වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (බ.) රජු යකඩදෝලියකගෙන් ලත් පුත්‍රයෙකි. ඇතැමෙක් මොහු මාම්පිටියේ බණ්ඩාර යනුවෙන් ද හඳුන්වති. නරේන්ද්‍රසිංහ රජුහට අගමෙහෙසියගෙන් ලැබුණු පුත්‍රයෙක් නොවීය. එහෙයින් උනම්බුවේ බණ්ඩාරහට රාජ්‍යය ලබාදීමට ඇතැම් උසස් නිලධාරීන් අදහස් කළ ද බලවත් වඩුග ඇමතියන්ගේ විරුද්ධතාව නිසා එම අදහස නිෂ්ඵල විය. වීරපරාක්‍රමයන් නායක්කර් බිසවගේ සොහොයුරකුහට රාජ්‍ය උරුමය පවරා දී තිබිණැයි ද කියත්. එකල හඟුරන්කෙත රාජ භාණ්ඩාගාරය භාරව සිටි ‘නායක්කර් හාමුදුරුවෝ’ නමින් හැඳින්වුණු එම නායක්කර් වංශිකයා ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය.
කෙසේ වුව ද උනම්බුවේ බණ්ඩාරයනට සිංහාසන උරුමය නිසා නවරජුගෙන් කිසිදු හිරිහැරයකට භාජන නොවී රජවාසල සම්බන්ධය ඇතිව විසීමට හැකි විය.
(සංස්කරණය: 1970)