උඳුගොඩ
සිංහල විශ්වකෝෂය වෙතින්
සබරගමු පළාතේ පරණකූරු කෝරළේ කඳු අහපත්තුවේ පිහිටි කුඩා නගරයකි. කෑගල්ල-බුලත්කොහුපිටිය පාරේ වූ මෙයට කෑගල්ලේ සිට දුර සැ. 10කි. රබර් හා තේ වගා කරන අවට පෙදෙස්වල නාගරික මධ්‍යස්ථානය වූ උඳුගොඩ සමීපයෙන් නාරංගොඩ, පාරඹේ, යටිදෑරිය, කනංගොමුව ආදි පෙදෙස්වලින් එන පාරවල් කීපයක් කෑගල්ල-බුලත්කොහුපිටිය මාර්ගයට එක් වේ. උඳුගොඩ නගරයෙහි දිස්ත්‍රික් ආරෝග්‍යශාලාවක්, තැපැල්හලක් හා මහ විදුහලක් ද ඇත. නගර සීමාවෙහි වූ තන්නිමලේ නම් ස්ථානයේ දැකුම්කලු හින්දු කෝවිලක් වේ.
(සංස්කරණය: 1970)